අද දවසේ කාලගුණ තත්ත්වය

0 3

බරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(26) උදෑසන 5.30ට පමණ නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එසේම බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.

ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

සුළඟ

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 24-35 පමණ විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා ඉහළ යාමට හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මුහුදේ ස්වභාවය

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab
You might also like
Comments
Loading...