වලස් ප්‍රහාරයකින් අයෙකුට තුවාල

0 2

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්නාකණ්ඩල් ප්‍රදේශයේදී සිය කුඹුරට ගිය පුද්ගලයෙකුට වලසෙකු පහරදීමෙන් ඊයේ(25) තුවාල ලබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

සිය කුඹුර බැලීමට ගිය මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කෝම්බාවිල් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු එලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

වලස් ප්‍රහාරය හේතුවෙන් අදාළ පුද්ගලයාගේ අතක් හා පාදයක් තුවාල වී ඇති අතර, වලසා සමඟ පොර බැදීමේදී අතෙහි ඇඟිල්ලක් කැඩී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

තුවාල ලැබු තැනැත්තා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මුලතිව් රෝහල වෙත යොමු කෙරුණු බවයි පොලිසිය කියා සිටියේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ සිය කුඹුරු ඉඩම් බැලීමට ගිය පුද්ගලයින් වෙත මීට පෙර අවස්ථා කිහිපයකදී ද වලස් ප්‍රහාරයන්ට මුහුණදීමට සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජිවි කාර්යාලය දැනුවත් කොට ඇති අතර, මුලතිව් වනජීවි කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනු ලබනවා.

You might also like
Comments
Loading...