ආසාදිතයන් 709 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූවන්ගේ සමස්තය 51,000 ඉක්මවයි

0 3

කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 709 දෙනෙක් සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට කොවිඩ්-19 ආසාදිතව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 51,046 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 59,167ක් වන අතර ඉන් තවදුරටත් ආසාදිතයන් 7,834 දෙනෙක් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 287ක්.

 

 

 

You might also like
Comments
Loading...