STF මුල් පුටුවට ශූර වීර සෙන්පතියෙක්

0 4

විශේෂ කාර්ය බළකායේ නව අණ දෙන නිලධාරියා ලෙස ඉදිරි දින කිහිපය ඇතුළත පොලිසියේ සිටින සුපිරි චරිතයක් පත්වීමට නියමිත බව අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

යුද්ධය පැවැති සමයේදී නැගෙනහිර සටන් පෙරමුණේ සිටි හෙතෙම මේ වනවිට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වශයෙන් කටයුතු කරනවා.

වරක් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා ගමන්ගත් හෙලිකොප්ටරය එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුරුව කොටි ප්‍රදේශයට රිංගා රත්වත්තේ මහතාව ආරක්ෂිතව රජයේ පාලන ප්‍රදේශය වෙත රැගෙන පැමිණ ඇත්තේද මෙම නිලධාරියා විසින් බව සඳහන්.

මේ වනවිට විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ වරුණ ජයසුන්දර මහතායි.

You might also like
Comments
Loading...