මන්නාරමෙන් මුහුදුගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්

0 3

න්නාරමෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු දින තුනක කාලයක සිට අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් පොලිසිය වෙත ඊයේ(02) ලැබී ඇති බව මන්නාරම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පසුගිය 31 වැනිදා පස්වරුවේ මුහුදු ගිය ධීවරය යාත්‍රාවක ධීවරයින් තිදෙනෙකු එලෙස අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලේ දැක්වෙන බවයි.

මන්නාරම, කොන්නයන්කුඩිඉරිප්පු ගම්මානයේ පදිංචි වයස අවුරුදු 38 ක් වු එස්.ගොඩ්වින්, යාපනයේ පදිංචි ආර්. කන්නන් නමැති 55 හැවිරිදි පුද්ගලෙයෙකු හා එස්. පාණ්ඩියන් නමැති 23 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අතුරුදහන්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පොලිසිය පැවසූවේ අදාළ ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලද දැනුවත් කොට ඇති බවයි.

ධීවරයින්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් නාවික හමුදා නිළධාරීන් දැනුවත් කොට ඇති අතර, නාවික හමුදා නිළධාරීන් අතුරුදහන්වු ධීවරයින් සොයා පරීක්ෂා කිරීම් සිදුකරන බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

 

You might also like
Comments
Loading...