ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් ආසාදිතයන්ගේ තොරතුරු

0 2

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 72,174ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 955 දෙනෙකු හඳුනා ගැනීමත් සමගින්. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයන් අතරින් 8 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

ඊයේ දිනයේදී හඳුනා ගැනුණු නව ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයන් 298 ක් ලෙසිනි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 255ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 81ක්ද වාර්තා වනවා.

සෙසු දිස්ත්‍රික්කයන්ගෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 321ක්.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳ පොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 68,660ක් වන අතර ඉන් ආසාදිතයන් 65,601 දෙනෙක්ම වාර්තා වන්නේ කොළඹ මත්ස්‍ය වෙළෙඳ පොළ පොකුරෙනි.

කෙසේ වෙතත් එම ආසාදිත පොකුරුවලින් මේ වන විට ආසාදිතයන් 64,250 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

අද උදෑසන කාලය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 72,174ක් වන අතර ඉන් ආසාදිතයන් 65,644 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ආසාදිතයන් 6,155 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අද(11) උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 375ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල, කොළඹ 05, අලුත්ගම, ගම්පහ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පස් දෙනෙකි.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය 93ක් තුළ පුද්ගලයින් 8,918 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

ඊයේ (10) දිනය තුළ මෙරට පී.සී.ආර්. පරීක්ෂණ 8,918ක් සිදු කර ඇති අතර මේ දක්වා සිදු කර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,847,913 ක්.

මේ අතර කොරෝනා වෛරසය බවට සැකය මත පුද්ගලයන් 715 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

You might also like
Comments
Loading...