ජාත්‍යන්තර පාසල් ගුරුවරියට කොරෝනා – පාසලත් තාවකාලිකව වසා දැමේ

0 0

හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අදාළ ජාත්‍යන්තර පාසල විෂබිජහරණය කරන තෙක් අද (16) දින සිට තාවකාලිකව වසා දැමුණු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.

කොවිඩ් 19 වෛරසය අසාදනය වූ ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට දික්ඔය මුලික රෝහල වෙත ඊයේ (15) දින ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් දෙදෙනාම ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කර ඇති අතර, එහිදි ගුරුවරියට සහ ඇයගේ පෙම්වතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත්, කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ගුරුවරිය වලපනේ සහ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටියා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ගුරුවරිය ඉතා ආසන්න දිනයකදි පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවත්, ආසාදිත ගුරුවරිය 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති සඳහා ඉගැන්විම් කටයුතු සිදු කරන බවත් තහවුරුව ඇති බවයි  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

එම ජාත්‍යන්තර පාසලේ ළමුන් දහසක් පමණ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විත වනවා.

You might also like
Comments
Loading...