බඩෝවිට අසංකගේ මත්කුඩු තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

0 4

හෙරොයින් මත්කුඩු කිලෝ 3 ග්‍රෑම් 250ක් සමග පුද්ගලයකු පිළියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේදී සංවාධිනාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් ඊයේ(16) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොට්ඨාසය කියා සිටියේ එලෙස අත්අඩංගුවට ගනු ලැබූ මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට අධික වන බවයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු තොගය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ අදාළ මත්කුඩු තොගය මේ වන විට ඩුබායිහි සැඟව සිටින බඩෝවිට අසංක නමැත්තාට අයත් ඒවා බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

 

You might also like
Comments
Loading...