කොවිඩ් ආසාදිත තරුණියක් බදුල්ල රෝහලේදී මරුට

0 8

කොවිඩ් 19 ආසාදිත 21 හැවිරිදි තරුණියක්  බදුල්ල මහරෝහලේදී  අද (17) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණිය මහියංගණය  රිදීමාලියද්ද පදිංචි තරුණියක් වන අතර ඇය ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුක්තව සිටි අයෙක් බවද වාර්තා වනවා.

ඇය මීට පෙර කොව්ඩ් 19 ආසාදිතයෙක් බවට හදුනා ගැනීමෙන් පසු  දියතලාව – කහගොල්ල කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමුකර තිබූ අතර සුවය ලැබූ අයෙක් සේ සලකා ඊයේ (16) නිවසට යවා තිබියදී අසනීප වී මහියංගණය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බදුල්ල මහරෝහලට මාරු කර යැවුණා.

කොවිඩ් නිසා ඇතිවූ අධික නිව්මෝනියා තත්ත්වය මේ මරණයට හේතුවී ඇතැයි බවයි අනාවරණ වන්නේ.

මෙම දැරියගේ පවුලේ සාමාජිකයන්ද මේ වන විට ස්වයං නිරෝධායනයේ පසුවනවා.

You might also like
Comments
Loading...