මහපොළට නව වෙබ් අඩවියක්

0 1,256

පසුගිය කාල සීමාවේදී මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් අර්බුද පැවැතියද වත්මන් ආණ්ඩුව විසින් හිඟ වූ මුදල් සමග මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් කටයුතු සාර්ථකව මේ වන විටත් සිදු කරමින් පවතින බව උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වෙනුවෙන් නව වෙබ් අඩවියක් හඳුන්වාදීම වෙනුවෙන් ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසන් සභාවේ අද(22) පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

[bs-quote quote=”එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ www.mahapola.lk වෙබ් අඩවියෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සියලුම තොරතුරු ලබාගැනීමට හැකි වන බවයි. එසේම විනිවිදභාවයකින් යුක්තව තොරතුරු දැනගැනීමේ පනතටත් වඩා ඉදිරියට ගොස් මේ හරහා තොරතුරු සැපයීමට හැකිවීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.” style=”style-15″ align=”right” author_name=”බන්දුල ගුණවර්ධන මහතා ” author_job=”උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය”][/bs-quote]

 

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසන් සභාවේ පැවැති මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර, කේසරලාල් ගුණසේකර යන මහත්වරුන් එක්ව සිටියා.

 

You might also like
Comments
Loading...