පාසල් සිසුන් දෙදෙනෙකු සහ එම සිසුන්ගේ මව්වරුන්ටත් කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

0 1

ගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුවෙකුට සහ සිසුවියකටත්, එම සිසුන් දෙදෙනාගේ මව්වරුන් දෙදෙනාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (19) දින ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව තහවුරුවී ඇතැයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පවසනවා.

එම පාසලේ 11 වසරේ මිට පෙර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සිසුවෙකු හමුවීමත් සමග එම ආසාදිත සිසුවාගේ ආශ්‍රීතයන් 105 දෙනෙකුගෙන් සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

තවද එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ටින්සින් සහ පොඩයිස් යන වතුවලින් තවත් ආසාදිතයන් පස් දෙනෙකු අද (19) දින හමු වූ බවත්, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  රෝගීන් 115 දෙනෙක් හමුවී ඇති බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වයි.ඩී.අයි.ඩී. බස්නායක මහතා පවසනවා.

ආසාදියන් 09 දෙනා නිරෝධානය මධ්‍යස්ථානයක් කරා යොමු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර බගවන්තලාව ප්‍රදේශයේ උත්සව ශාලාවක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අනුමැතියකින් තොරව බගවන්තලාව වසම භාර සමෘද්ධි නිලධාරිවරයා විසින් අද(19) දින සමෘද්ධි රැස්විමක් කැඳවා තිබූ අතර, එම රැස්වීමට පැමිණ සිටි සමෘද්ධිලාභින් ආපසු හරවා යැවීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

You might also like
Comments
Loading...