එක් දිනක් තුළ වැඩිම කොවිඩ් එන්නත් ලබාදීම ඊයේ – කොළඹ නගරයෙනුත් කොවිඩ් 19 නව ප්‍රභේදයේ ආසාදිතයෙක් හමුවෙයි

0 2

කොවිඩ් එන්නත මේ වන විට මෙරට පුද්ගලයන් 263,779 දෙනෙකුට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව ඊයේ(19) දින පමණක් පුද්ගලයන් 30,300 දෙනෙක්ට කොවිඩ් එන්නත ලබාදී ඇති බවද වාර්තා වනවා.

එය දිනක් තුළ මෙරට වැඩිම පිරිසකට එන්නත් කළ අවස්ථාවද බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයන් 506 දෙනෙක් වාර්තා වන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 3ක්.

මේ අතර කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටියේ කොවිඩ් 19 නව ප්‍රභේදය ඉතාමත් සීග්‍රෙයන් පැතිර යන බවයි.

මේ වන විට කොළඹ නගරයෙන්ද කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු වාර්තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් මහජනතාවට දැනුම් දෙන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ කොළඹ නගරයට පැමිණීම හැකිතාක් සීමා කරන ලෙසයි.

එසේම සමාජ ශාලාවල ගැවසීම, විවාහ හා අවමංගල්‍ය අවස්ථාවන් සඳහා සහභාගිවීම හැකි පමණ සීමා කරන ලෙසට ඔහු වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

You might also like
Comments
Loading...