කොවිඩ් ආසාදිත තවත් 890ක් සුවය ලබයි

0 3

කොවිඩ්-19 වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් රෝගීන් 890 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව 73,456ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අද(20) උදෑසන 10 පමණ වන විට රෝහල්ගතව සිටින ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,048ක් බවද එම ඒකකය වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 78,937ක් වනවා.

අද උදෑසන 10න් අවසන් වූ පැය 24ක කාලය තුළදී ආසාදිතයන් 517 දෙනෙක් තහවුරු කර ගැනුණු අතර ඉන් ආසාදිතයන් 10 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර තවත් අයෙක් විදේශීය ජාතිකයකු වනවා.

සෙසු 506 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ අනුපොකුරුවලින් වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා ඒ්කකය පවසන්නේ.

මේ වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිත මරණ 433ක් වාර්තා වන අතර ඊයේ දිනයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් 19 ආශ්‍රීත මරණ තුනද ඊට ඇතුළත්.

එසේම කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 601 දෙනෙක් රෝහල්ගතව වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා ඒ්කකය පවසනවා.

 

You might also like
Comments
Loading...