පාස්කු කොමිසමේ සභා වාර්තාව සභාගත කරයි – විපක්ෂය දින තුනක විවාදයක් ඉල්ලයි

0 1

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේදී අද(25) සභාගත කළා.

ඒ සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

සභා වාර්තාව සභාගත කරමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සභා වාර්තාව සභාගත කරන බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසන් සභාවේ විශේෂ අවසරය මත මෙය සභාගත කරන බවත්ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනතුරුව කියා සිටියේ මේ සම්බන්ධයෙන් දින තුනක විවාදයක් ඉල්ලා සිටින බවයි.

එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ විවාදය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි.

 

You might also like
Comments
Loading...