හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙක් හොරණදී අත්අඩංගුවට

0 2

වෑන් රථයක් පරීක්ෂා කිරීමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි.

වෑන් රියදුරු හමුදා ඇඳුමකින් සැරසී සිට ඇති අතර එහි සිටි අනෙක් තැනැත්තා හමුදාවෙන් පළාගිය අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

රියදුරු හමුදා සෙබළෙකු ලෙස හඳුනාගෙන ඇති අතර හමුදා නීතිය යටතේ ඔහුට එරෙහිව පියවර ගන්නා බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

මොවුන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා පැමිණ ඇති බවට තොරතුරු හෙළිව ඇති අතර මෑතකාලීනව සිදුකල 04 වන විශාලතම හෙරොයින් වැටලීම ලෙසට මෙය සැලකෙනවා.

 

You might also like
Comments
Loading...