මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න – පොලිස්පතිට උපදෙස්

0 1

කණිෂ්ඨ නීතීඥවරයකු වන මිගාර ගුණරත්න මහතාට පොලිස් නිලධාරීන් පිරිසක් පහරදීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මුල්‍ය වංචාවක් පිළිබඳ විමර්ශනය කිරීමට පෑලියගොඩ පොලිසියට රැගෙනවිත් සිටි සැකකරුවෙකු සම්බන්ධයෙන් කළ විමසීමකදී මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇති මිගාර ගුණරත්න යනු හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ පුත්‍රයායි.

පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර පෑලියගොඩ පොලිස් ස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහත පරිදි වේ.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

 

You might also like
Comments
Loading...