මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

0 0

නයනික කිරිපිටි කිලෝවක සහ ග්‍රෑම් 400ක පැකැට්ටුවල මිල ඉහළ නැංවීම සඳහා කිරිපිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව කිරිපිටි කිලෝවක පැකැට්ටුවක් රුපියල් 100කින්ද ග්‍රෑම් 400ක පැකැට්ටුවක් රුපියල් 40කින්ද වැඩි කිරීමට සමාගම් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය වැඩීවීමද සමාගම්වලට තදබල ලෙස බලපා ඇති බවත් ලෝක වෙළෙඳ පොළේ කිරිපි මිල 35%ත් 40%ත් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් කිරිපිටි සමාගම් පවසනවා.

අමෙරිකානු ඩොලර් 3200ක් වැනි මිලකට මීට මාස 4කට පහකට පෙර දී මිලදී ගත් කිරි පිටි මෙට්‍රික් ටොන් එකක් මේ වන විට අමෙරිකානු ඩොලර් 3900ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම සමාගම් වැඩිදුරටත් පවසනවා.

එම සමාගම් වැඩිදුරටත් පවසන්නේ එවැනි තත්ත්වයක් යටතේ තවදුරටත් පවතින මිල ගණන් යටතේ කිරි පිටි අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

මේ වන විට කිරිපිටි කිලෝවක පැකැට්ටුවක පාලන මිල රුපියල් 845ක් වන අතර ග්‍රෑම් 400 කිරි පිටි පැකැට්ටුවක මිල රුපියල් 385ක් පමණ වනවා.

You might also like
Comments
Loading...