කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

0 8

දියවැඩියා රෝගීන්ට පැණි රස කාරකයක් ලෙසට පිරිසිදු කිතුල් හකුරු(සීනි මිශ්‍ර නොවූ) පාවිච්චි කිරීම ඉතාම යෝග්‍ය බව කාර්මික ආයතනය මගින් කරන ලද පර්යේෂණයකින් අනාවරනය වී තිබෙනවා.

සීනි භාවිතයෙන් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පිළිබඳ දර්ශකය (ග්ලයිසික් ඉන්ඩෙක්ස්) 80ක් වෙන අතර පිරිසිදු හකුරු භාවිතයෙන් එම දර්ශකය 27ක් වෙන බව සොයාගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ.

දියවැඩියාවෙන් තොර පුද්ගලයක් සඳහා මෙම දර්ශකය 55ට වැඩි නොවිය යුතුව ඇති බවද වෛද්‍ය පාදෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ රටේ කිතුල් ගස් ලක්ෂ 40ක පමණ ප්‍රමාණයක් ඇතත් එයින් ප්‍රෙයා්ජනයට ගනු ලබන්නේ ගස් ලක්ෂයක පමණ ප්‍රමාණයක් බවද අනාවරණ වී තිබෙනවා.
කිතුල් ගසකින් මාසයකට රුපියල් 60,000ක පමණ ආදායමක් ලබාගත හැකි බවද තක්සේකරු කර තිබෙනවා.

රටවල් 54ක කිතුල් වැවෙන අතර ශ්‍රී ලංකාවේ කිතුල් ගුණාත්මක වටිනාකමින් යුතු බවද මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කිතුල් වැවිලි බෝගයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

You might also like
Comments
Loading...