උමාඔයේ ඉරාන ජාතිකයෙක් සේවකයෙකුට පිහියෙන් ඇණලා.සේවකයා රෝහලේ

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 250

වැල්ලවාය උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතික පුද්ගලයකු සහ එහි සේවය කරන ශ්‍රී ලාංකික පුද්ගලයකු අතර ඇති වූ ආරවුලකදී පිහි ඇණුමක් සිදු වී තිබෙනවා.

මෙහිදී ඉරාන ජාතික පුද්ගලයා සිදු කල පිහි ඇණුමකින් තුවාල ලැබූ එහි සේවය කරන ශ්‍රී ලාංකික පුද්ගලයකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පිහි පහරට ලක් වී ඇත්තේ ඌව කරදගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිඅටක තරුණයකු වන අතර ඔහුගේ පාදයකට පිහි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

පහරදීම සිදු කල ඉරාන ජාතික පුද්ගලයාගෙන් පිහිපහරට ලක් වූ පුද්ගලයා ණයට දුම්වැටි මිලදී ගෙන ඇති අතර එම දුම්වැටිවල මුදල් ඉරාන ජාතික පුද්ගලයා ඉල්ලා ඇති බවත් පසුව එම මුදල් ලබා නොදීම නිසා මෙම පිහිඇණුම සිදු වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉරාන ජාතික පුද්ගලයා මෙම සිදුවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තමන් පිහි ඇණුමක් සිදු නොකල බවත් එම පුද්ගලයාම එම සිදුවීම සිදු කර ගත් බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය සහ ඇල්ල පොලිසිය විසින් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

You might also like
Comments
Loading...