බලංගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 36කට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

0 0

බලංගොඩ, පින්නවල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් තිස් හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියා සිටියේ පසුගියදා සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයන්හි වාර්තාවන් ලැබීමෙන් පසුව මේ බව තහවුරු වූ බවයි.

එසේම කොවිඩ් 19 ආසාදනය වූ සේවක සේවිකාවන්ගේ ආශ්‍රීතයන් නිරෝධායනයට යොමු කර ඇති බවද ඉදිරි තත්ත්වයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

මේ අතර මන්නාරම මාළු වෙළෙඳ පොළේ වෙළෙඳුන් අට දෙනෙකුට ඇතුළුව පුද්ගලයන් 17 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණ වීමත සමගින් එම මාළු වෙළෙඳ පොළ තාවකාලිකව ඊයේ(10) දිනයේ වසා දැමීමට පියවර ගැනුණු බව මන්නාරම සෞඛ්‍ය සේවා කාර්යාලය පවසනවා.

You might also like
Comments
Loading...