කෝටි අසූවකට ආසන්න වටිනා හෙරොයින් දෙනගමින් අල්ලපු හැටි මෙන්න

0 1

රුපියල් කෝටි අසූවකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 75ක් සමග මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවෙක් සහ සැකකාරියක් ඊයේ(10) අත්අඩංගුවට ගැනුණා.

ඒ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙයියන්දර පොලිස් වසමේ දෙනගම ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි.

සැකකරුවන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් මත අදාළ සෝදිසි කිරීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සැකකාරිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් ගමන් ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මේ වන විට මාතර, වැලිගම, මිදිගම, ඉමදූව සහ ගන්දර යන ප්‍රදේශවලින් වශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බවයි.

එම හේතුවෙන් මෙම ප්‍රදේශ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධදැයි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

දෙනගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ මාතර කොට්ඨාස අපරාධ වමර්ශන ඒකකය මගින් සිදු කරනු ලබනවා.

You might also like
Comments
Loading...