ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 274ක ඉලක්කයක්

0 4

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 273ක් ලබාගැනීමට සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ නායක දිමුත් කරුණාරත්න හට ගොඩනැගීමට හැකි වූයේ ලකුණු 7ක සබඳතාවයක් පමණි.

ඒ නායක දිමුත් කරුණාරත්න තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7ක් ලබා සිටියදී එක් ලකුණකට දැවීම යාම හේතුවෙන්.

ධනුෂ්ක ගුනතිලක ලකුණු 96ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 71ක්ද වනිදු හසරංග ලකුණු 47ක්ද ලබාගැනීමට සමත් වූවා.

තිසර පෙරේරාට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 19ක් පමණයි. අශේන් බණ්ඩාර ලකුණු 18කටත් පැතුම් නිශ්ශංක ලකුණු 10කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Jason Mohammed කඩුලු තුනක්ද Alzarri Joseph කඩුලු දෙකක්ද Jason Holder සහ Akeal Hosein එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

තරගයෙන් ජය ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 274ක් ලබාගත යුතු වනවා.

 

You might also like
Comments
Loading...