හුංගම පුද්ගල ඝාතනයක්

0 0

හුංගම, කහදමෝදර ප්‍රදේශයේ ධීවර ගම්මානයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

පොලිසිය පවසන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රන්න රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවට හුංගම පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කහඳමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 42ක් පමණ වූ පුද්ගලයෙකි.

මෘතදේහය රන්න රෝහලේ තැන්පත් කර ඇති අතර අද(13) මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්න‍ේ.

ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු හුංගම පොලිසිය සිදු කරනු ලබනවා.

 

You might also like
Comments
Loading...