ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 87,600 දක්වා ඉහළට

0 1

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 87,600 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් නව ආසාදිතයන් 314ක් ඊයේ(13) දිනයේදී හඳුනා ගැනීමත් සමගින්.

සමස්ත ආසාදිතයන්ගෙන් 84,253 දෙනෙක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,821ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන්ගේ මරණ සංඛ්‍යාව 526ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ(13) දිනයේදී තවත් මරණයක් වාර්තා වීමත් සමගින්.

මෙලෙස මියගොස් ඇත්තේ කනත්තේවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් වනවා.

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 12 වනදා මරණයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ අදාළ කොවිඩ් 19 ආසාදිත මරණයට හේතුව ලෙසින් දැක්වෙන්නේ උග්‍ර බ්‍රොන්කෝ නියුමෝනියාව සහ ලේ විෂවීමයි.

මේ අතර පුද්ගලයන් 609 දෙනෙක් කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

ඊයේ දිනයේදී මෙරට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 11,539ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 9,643 දෙනෙකු ඊයේ(13) දිනයේදී කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇති බවත් මේ වන විට එන්නත් ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 770,408ක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මේ අතර කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ පසුගියදා ශ්‍රී ලංකාවට ලද ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක ප්‍රමාණය වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් සඳහා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

You might also like
Comments
Loading...