වවුනියාවේ ඇඟළුම් කම්හලක 21කට කොවිඩ්

0 5

වවුනියාව දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රධාන පෙලේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කළ සේවක සේවිකාවන් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇතැයි වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියා සිටියේ අදාළ ඇඟළුම් කර්මාන්ත ශාලාව තුළ සේවය කළ පිරිසකට වෛරසය ආසාදනය වි ඇති බවට පළමුව තහවුරුවීමෙන් අනතුරුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ පි.සි.ආර් පරීක්ෂාවන් සිදුකිරීමෙන් අනතුරුව 21 දෙනෙකු වෙත වෛරසය ආසාදනය වි ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බවයි.

ඇඟළුම් කර්මාන්ත ශාලාව තුළ සේවකයින් 700 කට ආසන්න පිරිසක් සේවයේ නිරතව වන අතර, අදාළ පිරිස් පී.සී.ආර් පරීක්ෂාවන් වෙනුවෙන් යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියා සිටියා.

ප්‍රදේශයේ ජනතාව පැවසූවේ ආසාදිතයින් වාර්තා වු ඇඟළුම් කම්හල තුළ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ආකාරයක් දැකගැනීමට හැකිවූ අතර, ඒ හේතුවෙන් ප්‍රදේශය තුළ දැඩි සෞඛ්‍ය අවදානමක් හට ගැනීමේ අවස්ථාවක් පවතින බවයි.

එබැවින් ආසාදිතයින් හමුවු ඇඟළුම් කම්හල තාවකාලිකව වසා දමා ප්‍රදේශයේ කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

You might also like
Comments
Loading...