නිවසේ ආරවුලකට සත්මස් වියැතිත සිඟිත්තියටත් වසා පොවා මවත් වස බොයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 873

නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් සිත් තැවුලට පත් මවක් තම මාස හතක් වයසැති සිඟිත්තියට ද වස පොවා මවද වස පානය කිරීම හේතුවෙන් දෙදෙනාම දික්ඔය මූලික රෝහලට අද(23) ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතු යායේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ සත්මස් වියැති දියණියයි.

හැටන් පොලිසිය කියා පවසන්නේ අද(23) පස්වරු 3ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බවත් අවට සිටි වතු කම්කරුවන් එක්වී දෙදෙනාම රෝහල් ගතත කර ඇතිත බවත්ය.

රෝහල් ගත කළ මවගේ සහ සිඟිත්තියගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ.

 

 

You might also like
Comments
Loading...