පස්සර අනතුරෙන් බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට – Photos

0 0

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර, 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අනතුරෙන් පුද්ගලයන් 31 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුර අද (20) උදෑසන සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.


පස්සරදී බස් රථයක් අඩි 200ක ප්‍රපාතයට – හතක් මරු – 20කට අධික පිරිසක් රෝහලට – Photos [Mar 20, 2021 at 09:25]

ලුුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

පොලිසිය කියා සිටියේ සිදු අනතුරෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බවයි.

එසේම අනතුරින් තවත් පුද්ගලයන් 20ක් පමණතුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

අදාළ අනතුර අද(20) උදෑසන 7.15ට පමණ සිදුව ඇති අතර බස් රථය අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Photos: Accident 1st Facebook Page
Photos: Accident 1st Facebook Page
Photos: Accident 1st Facebook Page
Photos: Accident 1st Facebook Page
You might also like
Comments
Loading...