හෙරොයින් සමග පුද්ගලයන් සිව් දෙනෙක් ප්‍රදේශ තුනකදී අත්අඩංගුවට

0 2,957

හෙරොයින් සමග පුද්ගලයින් සිව් දෙනෙකු කැකිරාව, නිට්ටඹුව සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ(23) රාත්‍රී 11.45ට පමණ කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 480ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 24ත් වන මාන්නකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට අද(24) ඉදිරිපත් කිරීමට නියමිත අතර කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර ඊයේ රාත්‍රී 7.30ට පමණ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 260ක් සමග සැකකරුවෙකු නිට්ටඹුව කන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නිට්ටඹුව පොලිසියට ලද තොරතුරක් මත සිදු කරනු ලැබූ වැටලීමකදියි.

අත්අඩංගුවට ගත් සැකකරු 46 වන වියේ පසුවන නිට්ටඹුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග පුද්ගලයකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක් පමණ සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 35 වන වියේ පසුවන්නෙකි.

කකරු අද(24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

 

You might also like
Comments
Loading...