බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

0 3

බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ චෝදනාව යටතේයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා 33 වන වියේ පසුවන්නෙක් බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

You might also like
Comments
Loading...