බුර්කාව තහනම් කර ඇති රටවල් 16න් 13ක්ම මුස්ලිම් රටවල්

0 2

තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා බුර්කා තහනම ක්‍රියාත්මක කරන නිසා ලංකාව පමණක් එය මැජික් එකක් බවට පත් කරගෙන ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එසේම බුර්කා තහනම සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වෙමින් පවතින බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේ බුර්කා තහනම ගැන රජය දරන මතය පිළිබඳ කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

බුර්කා තහනම ක්‍රියාත්මක කරන ලොව රටවල් 16 තුළ මුස්ලිම් රටවල් 13ක්ද සිටින නිසා එය ප්‍රශ්නයක් කර නොගත යුතු යැයිද ඇතැමුන් බුර්කා තහනම ප්‍රශ්නයක් කරගැනීමට උත්සාහ දරන බවද හෙතෙම පෙන්වාදුන්නා.

ගත වූ වසර 15ක 20ක කාලය තුළ මුහුණු ආවරණය කරන ක්‍රමවේද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති නිසා සංස්කෘතික වශයෙන් ඇති ව තිබෙන වෙනස්කම් හේතුවෙන් ජාතික ආරක්ෂාවට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් බොහොම පැහැදිළි විශ්ලේෂණයක් කරමින් පවතින බවද හෙතෙම කියා සිටියා.

රටේ සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකා බලා පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ පිළිබඳ විශ්ලේෂණයක් කර අවශ්‍යතරමට තීන්දු තීරණ ගන්නා බවද පෞද්ගලිකව හා ආගමික වශයෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තිරණ සම්බන්ධයෙන් බලපෑම් නොකළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

You might also like
Comments
Loading...