ලක්ෂ 23ක් පැහැර ගත් බවට බොරු රංගනයක යෙදුණු විධායක නිලධාරියාගේ CCTV වීඩියෝව

0 2

කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමා සතු රුපියල් විසි තුන් ලක්ෂයක මුදලක් පැහැරගෙන ගිය බවට අසත්‍ය රංගනයක නිරත වීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ සමාගමක විධායක නිලධාරියෙක් බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ තමන්ට අයත් ලක්ෂ විසි තුනකට අධික මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට යාමේදී කොල්ලකෑමට ලක්වූ බවට සැකකරු පොලිසියට පවසා ඇති නමුත් ඔහු විසින්ම ඔහුගේ හිතවතුන් දෙදෙනෙකන් යොදා ගනිමින් මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිස් විමර්ශනයන්හිදී අනාවරණ වූ බවයි.

අදාළ බෑගයේ රුපියල් විසි තුන් ලක්ෂයක් තිබී නොමැති බවත් රුපියල් පනස් දහසක මුදලක් තිබී ඇති බවත් එය අදාළ මෝටර් සයිකල්කරුවන්ට ලබාදීමට තිබූ මුදල බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කොල්ලකෑමට අදාළ වීඩියෝ පටය සහ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...