මහමගදී පුද්ගලයකු පොලිස් නිලධාරියෙක් පහරදීමට හේතුව හෙළිවෙයි

0 6

පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.

අදාළ සිදුවීම හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස පහරකෑමට ලක්වන්නේ ලොරි රථ රියදුරෙකු බවට අනාවරණ බවයි.

එසෙම පහර දෙනු ලබන පොලිස් නිලධාරියා මහරගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

අදාළ රියදුරා සිය ලොරිය පදවාගෙන යමින් සිටියදී මාර්ග රාජකාරියේ සිදු කරමින් සිටියදී මහරගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර ඇති අතර රථ වාහන ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

අදාළ රියදුරා අත වැරදි පැවැතිය හැකි නමුත් පොලිස් නිලධාරියා කළ පහරදීම පොලිසිය අනුමත නොකරන බවත් පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

 

You might also like
Comments
Loading...