අද දවසේ කාලගුණික තත්ත්වය

0 2

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40ක් පමණ දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණික තත්ත්වය සැලකීමේදී ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන සවල්පයක වැසි ඇති විය හැකි බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළඟේ වේගය පැයට කිලෝමීටර් තිහත් හතළිහත් අතර විය හැකි බවයි අද(01) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විටින පැයට කිලෝමීටර් 50ක් 55ක් දක්වා වැඩි විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

You might also like
Comments
Loading...