දියණියන් දෙදෙනා කෙළෙසූ බේබදු පියා හැට අවුරුද්දකට හිරේට

0 2

සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීම සම්බන්ධ චෝදනා තුනක් මත පවරා තිබූ නඩු හතරක් සම්බන්ධයෙන් මාතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසුව වරදකරු වූ 47 හැවිරිදි පියෙක් එක් නඩුවකට වසර 15 බැගින් නඩු 4ට වසර 60ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම කර තිබෙනවා.

මීට වසර 8කට ඉහතදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණ සිය දියණියන් දෙදෙනා දූෂණය කළ බවටයි අදාළ සැකකාර පියාට එරෙහිව නඩු පවරා තිබුණේ.

පැනවූ දඩුවමට අමතරව එක් නඩුවක් සඳහා රුපියල් දස දහස බැගින් නඩු හතර සඳහා රුපියල් හතළිස් දහසක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඩුවමක්ද නියම කෙරුණා.

තවද වින්දිත දැරියකට එක් නඩුවකට රුපියල් පනස් දහසක් බැගින් නඩු 4ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් වන්දියක් ලෙස ගෙවන ලෙසට ද එය නොගවන්නේ නම් තවත් වසර හතරක සිරදඩුවමක්ද නියම කර තිබෙනවා.

මෙලෙස සිරදඩුවම්, දඩ සහ වන්දි නියම වී ඇත්තේ ඒ.එච්. විජිත නමැති විත්තිකරුවෙකුටයි.

වයස අවුරුදු 14 සහ 16 හැවිරිදි දැරියන් දෙදෙනා සිටි නිවසට බීමතින් පැමිණි විත්තිකාර පියා දියණියන් දෙදෙනා දූෂණය කිරීම යන චෝදනා මත නඩු හතරක් විත්තිකරුට එරෙහිව මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිශාන්ත ද අල්විස් සහ දයාන් පෙරේරා යන මහත්වරුන් පෙනී සිටියා.

You might also like
Comments
Loading...