අද දවසේ කාලගුණ තත්ත්වය

0 3

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

උතුරු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් පමණ දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහාද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.

එය පහත පරිදි වේ.

You might also like
Comments
Loading...