කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 575 දක්වා ඉහළට

0 5

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 575ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 4ක් වාර්තා වීමත් සමගින්.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

ඉකිරිය, හෝමාගම, පුවක්පිටිය සහ කොළඹ 14 යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉකිරිය ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක්ද හෝමාගම ප්‍රදේශයේ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද පුවක්පිටිය ප්‍රදේශයෙන් 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ 14 ප්‍රදේශයෙන්ද වාර්තා වනවා.

සම්පූර්ණ විස්තරය පහත පරිදි වේ.

 

You might also like
Comments
Loading...