අවුරුදු උත්සව සඳහා අවසරදීම අනුමත කරන්න බෑ

0 1

අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවසර දීම කිසිසේත් අනුමත කල නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ නිකුත් කර ඇති මාර්ගෝපදේශ ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිට විහිලුවක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කලා.

අලුත් අවුරුදු සමයෙන් පසු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමේ අවධානමක්ද පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

 

 

READ MORE NEWS : 

You might also like
Comments
Loading...