හිටපු ජනපති ගැන කාදිනල් හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්

0 6

පාස්කු කොමිසන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන් කර ඇති හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා.

කාදිනල් හිමිපාණන් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී අද උදෑසන පැවැති පාස්කු ඉරුදින දේව මෙහෙයට සහභාගිවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී කාදිනල් හිමියන් වැඩිදුරටත් කියා සිටියේ එම වාර්තාව හැකි ඉක්මණින් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙසයි.

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා.

මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ.

කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාතුලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.

තමන්ගේ වගකීම් ඉෂ්ඨ නොකර දැන් වගකීම් ඉල්ලන්නේ කොහොමද? ඇඳුම් ඇදගෙනද එහෙම වගකීම්වලට කර ගහන්න එන්නේ. දෙවනුව පොලිසියේ උසස්ම නිලධාරියෙක් සීනියර් ඩී.අයි.ජී. කෙනෙක්ගේ පෝස්ට් එකේ ඉන්නවා කන්ද උඩරට.

මේ පිළිබඳ දැනගෙන මොකුත්ත කළේ නැහැ කියන චෝදනාව එයා ගැනත් තියෙනවා. මේ කාරණාවල් තවත් කොමිටි පත් කර කර හොය හොය ඉන්න කාරණාවල් නෙවෙයි. වාර්තාවේ පැහැදිළිවම තියෙනවා. එහෙම නම් ඒක ක්‍රියාත්මක කරන්න.

ඒ වගකිව යුත්තන් පාස්කු ප්‍රහාරයේ වාර්තාවේ පැහැදිළිව නම් කරලා තියෙන… තවත් බලාගෙන ඉන්නේ මොනවටද මාස ගණන් අවුරුදු ගණන්. මට ඒක අහන්න කැමැතියි ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන්. “

 

තවත් පුවත් කිහිපයක්

You might also like
Comments
Loading...