සමගි ජනබලවේගය එජාපය හා දීග කෑවොත් මං ස්වාධීන වෙනවා

0 8

එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය එක්වීමට තීරණය කරන්නේ නම් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා පවසනවා.

‘ දිනමු ‘ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ පැවති පාක්ෂිකයින් හමුවීම සදහා සංවිධාන කර තිබු උත්සව මාලාවේ නාඋල – පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමීන් හෙතම මෙම අදහස් පළ කර සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ප්‍රතික්ෂේප කළ නිසාවෙන් එජාපයට පරාජය අත්වූ බවත් මේ සම්බන්ධයෙන් තමන් 2010 වසරේ සිට සදහන් කර ඇති බව ද  හෙතෙම කියා සිටියා.

කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහ ලේකම් අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියා.

‘ සමගි ජන බලවේගය මේ රටේ පිහිටෙව්වේ 2020 මාර්තු 06 වෙනිදා. අපිට මාර්තු මාසේ 17 වෙනිදා නාම යෝජනා බාර දෙන්න සිදුවුනා. 2020 අගෝස්තු 05 වෙනිදා මහ මැතිවරණයට මුහුණ දෙන්න සිදුවුනා.

ලංකා ඉතිහාසයේ අඩුම කාලයක් තුළ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ලබාගත්තු පක්ෂය තමයි සමගි ජන බලවේගය.

අපට මන්ත්‍රිවරු 54 ක් ලබාගැනිමට හැකි වුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952 වසරේ පිහිටවලා මන්ත්‍රිවරු 6 – 7 දෙනේක තමයි පාර්ලිමේන්තුවට ආවේ.

නමුත් අපිට 54 දෙනෙක් මාස 5-6 ක් ඇතුළත මන්ත්‍රිවරු බිහිවෙලා තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදි රටක විපක්ෂය කියන්නේ ඊලග රජය ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂ නායකයා කියන්නේ ඊලග රාජ්‍ය නායකයා.

අපි තින්දු කළා මැතිවරණයක් නැති කාලෙක අපේ පාක්ෂිකයින් හදුනා ගන්න ‘ දිනමු ‘ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒක නායකතුමාගේ සංකල්පයක්. මේ වන විට අපි දිස්ත්‍රික්ක 14 කට ගිහින් තියෙනවා. ඒ අනුවයි අපි මාතලේ දිස්ත්‍රික්කයට පැමිණියේ.

අද මාතලේ දිස්‍ත්‍රික්කයේ ආසන හතරෙම අපේ මන්ත්‍රිවරු පනස් දෙනාම මෙම ‘දිනමු ‘ කියන කමිටු පිහිටුවනවා. අපිට අවශ්‍ය වෙලා තියෙනවා අපේ රජයක් ආපුවහම උදව් කරන්න කණ්ඩායමක් හදාගන්න.

මොකද එක්සත් ජාතික පක්ෂය පරාජ වුනේ පාක්ෂිකයින්ට උදව් නොකිරීම මත කියලා  අපි හිතලා තියෙනවා.

එහිදී අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කර සිටියා.

ඉදිරි මැතිවරණ වලදි එක්සත් ජාතික පක්ෂය සමග එක්වී යන ගමනකට ඔබලා සූදානම් වී ඉන්නේ?

එක්සත් ජාතික පක්ෂ සමග එක් වෙන්න පුලුවන් වෙන්නේ ඊලග ජනාධිපතිවරණයකදී කියලයි මම හිතන්නේ.

මොකද අපි බලාපොරොත්තු වෙනවා ඊලග ජනාධිපති වරණයේ දී සියළුම දේශපාලන පක්ෂ එකතු කරලා සන්ධානයක් හදන්න.

එය සමගි ජනතා සන්ධානය බවට පත්වෙයි. ඒ සදහා ඕනෑම පක්ෂයකට එක්වෙන්න පුලුවන්.

නමුත් වෙනත් මැතිවරණ සදහා එක්සත් ජාතික පක්ෂය සමග එක්වී කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ. නමුත් සමගි ජන බලවේගය සමග එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට එක්වී කටයුතු කරන්න පුලුවන්.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිවරුන්ට, පළාත් පාලන මන්ත්‍රිවරුන්ට හොද නිලධාරින්ටත් සමගි ජන බලවේගය වටා එකතු වෙන්න පුලුවන්.

පසුගිය මැතිවරණයේ දී විසි හත්ලක්ෂ පනස් දහසක් පමණ එක්සත් ජාතික පාක්ෂිකයෝ තමයි අපිට ඡන්දය දුන්නේ.

එක්සත් ජාතික පක්ෂයට ලැබුනු ජාතික ලයිස්තු ධුරයවත් තව වෙනකම් පත්කර ගන්න බැරි වෙලා තියෙනවා.

ඒ නිසා ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් විදිහට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැ.

 

You might also like
Comments
Loading...