ඉන්දීය ජාතික දින සැමරුම් වැඩසටහනක් යාපනයේදී පවත්වයි
මාධව කුලසූරිය - වවුනියාව
ඉන්දීය ජාතික දින 71 වන සංවත්සර සැමරුම් වැඩසටහනක් ඊයේ (26) යාපනය පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
යාපනය ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් එස්. බාලචන්ද්‍රන් මහතා විසින් ඉන්දීය ජාතික දින සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබිණ.
ඉන්දීය සංස්කෘතිකාංගවලින් යුතුව ඉන්දීය ජාතික දින සංවත්සර සැමරුම් වැඩසටහන සංවිධාන කොට තිබු අතර, ඉන්දීයාව වෙත නිදහස ලබා ගැනීම උදෙසා ජිවිත පරිත්‍යාග කළ පිරිස් සිහි කිරීමද එහිදි සිදුකෙරිණ.
වැඩසටහන් අවස්ථාවට යාපනය ප්‍රදේශයේ සේවය කරන ඉන්දීය ජාතිකයින් පිරිසක්, යාපනය දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Hits: 1