කතුන් 2ක් ඇතුළු 5ක් අයිස් එක්ක අල්ලයි

0 0

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය, සිරිපුරගම ප්‍රදේශයේ දී සිදු කළ හදිසි වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අතර එකම පවුලේ මව, පුතා සහ එම කාන්තාවගේ අනියම් සැමියා ද වන අතර ඔවුන් වැල්ලවාය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි රැදී සිටිමින් ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන මෙම ජාවාරම ඉතාමත්ම සූක්ෂම ලෙස කරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්රැම් 490ක් සහ අයිස් ග්‍රෑම්  2 මිලිග්රැම් 730ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස් වල වටිනාකමක රුපියල් ලක්ෂ එක හමාරකට අධික බවත් සැකකරුවන් දීර්ඝ කාලයක සිට විවිධ ප්‍රදේශවල නවාතැන් ගනිමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අරලගංවිල පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි පිලිවෙලින් වයස අවුරුදු 20, 30, 31, 33, සහ 35 යන වයස්වල පසුවන් බව වැල්ලවාය පොලිසිය පවසනවා.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

You might also like
Comments
Loading...