දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

0 1

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලිකව තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුවත් කර සිටිනවා.

READ MORE : ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා අප්‍රේල් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රීත අක්ෂාංශවලට සෘජුව ඉහළින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව අද(08) දහවල් 12.12ට බෝලවත්ත, වෑදෙනිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් යන ප්‍රදේශයන්ට හිරු මුදුන්ව පවතී.

දිවයින වටා මුහුදු ප්‍රදේශයේ ඉදිරි පැය 24ක කාලය සඳහා කාලගුණ අනාවැකිය.

 

You might also like
Comments
Loading...