බලපත් නැති 15 පුතාට මගී බස් රිය පදවන්න තාත්තා ඉඩදීලා

0 2

ආසන 53කින් යුත් මගී සේවයේ යොදවන විශාල බස් රියක් මහාමාර්ගයේ ධාවනය කළ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සිසුවාට බස්රිය ධාවනය කිරීමට ඉඩකඩ සලසා දුන් ඔහුගේ පියාට ද නීතිමය කටයුතු කිරීමට මිද්දෙණිය පොලිසිය පියවර ගෙන ඇත.

වීරකැටියේ සිට මිද්දෙණිය දක්වා මෙම බස්රිය ධාවනය කරමින් පැමිණි පහළොස් හැවිරිදි මෙම පාසල් සිසුවා මිද්දෙණිය නගරයේ රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

පසුව කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු පාසල් වියේ පසුවන අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණ දුන් පහළොස් හැවිරිදි සිසුවෙකු බවය. එම නිසා ඔහු සතුව රිය බලපත්‍රයක් හෝ තිබී නැත.

පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් බස් රියේ හිමිකරු වූ සිසුවාගේ පියා පොලිසියට කැඳවා ඔහුගෙන් ද ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත දෙදෙනා ම මුදාහැර ඇත්තේ ලබන සඳුදින වලස්මුල්ල අධිකරණයේ පෙනී සිටින ලෙස පවසමින්ය.

READ MORE NEWS : නීති විරෝධී කහ කිලෝ 1200ක් සමග අයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර හා බලපත්‍රයක් නොමැති අයකුට බස්රියක් ධාවනය කිරීමට ඉඩ සැලැස්වීම මත සිසුවාගේ පියාට චෝදනා එල්ල කළ පොලිසිය වලංගු රිය බලපත්‍රයක් නොමැතිව බසය ධාවනය කිරීමේ වරදට සැකකාර සිසුවාට චෝදනා ගොනුකර ඇත.

මිද්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න වීරප්පුලි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වනු ලබනවා.

 

You might also like
Comments
Loading...