පිළිකාකාරක ආහාර ලැයිස්තුව වහා රටට හෙළි කළ යුතුයි

0 3

පොල්තෙල් පමණක් නොව තවත් විෂ සහිත ආහාර තිබේ යැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කර වහාම එහ ආහාර ලැයිස්තුව රටට හෙළි කිරීමට රජය සහ අදාළ නිලධාරීන් කටයුතු කළ යුතු යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

එමෙන්ම ප්‍රමිති ආයතනයේ නිලධාරීන්ට ව්‍යවස්ථාමය වශයෙන් ලැබී ඇති වගකීම පැහැර හැර විෂ සහිත ආහාර වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර දුන් නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තානායක මහතා මෙලෙස කියා සිටියා.

READ MORE : මෙවර මැයි දින පෙළපාලි පැවැත්වෙන ආකාරය

ප්‍රමිති ආයතනයේ සිද්ධිකා මහත්මිය කළේ වගකීමක් නැති ප්‍රකාශයක්.

ප්‍රමිති ආයතනය තියෙන්නේ ජනතාව රකින්න මිසක් විෂ කවන සමාගම්වලට වඩා ජනතාවගේ ජීවිත වැදගත් බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි. ඒත් මේ වෙලාවේදී ආණ්ඩුව නිහඬයි.

ඒකෙන් කියවෙන්නේ ජනතාවගේ ජීවිතවලට වඩා ඔවුන්ට විෂ කවන සමාගම් වටින බවයි.

එම නිසා වහාම මෙම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.

 

You might also like
Comments
Loading...