පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යෙය් දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ සැමියා වන එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ පුවතින් රාජකීයයන් මෙන්ම බ්‍රිතාන්‍ය වැසියෝද බ්‍රිතාන්‍ය ආධිපත්‍ය ඇති රටවල වැසියෝද ඉමහත් සංවේගයට පත්ව සිටිනවා.

එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු මියයන විට ඔහුගේ වයස අවුරුදු 99කි.

තවත් මාස දෙකක් ජීවත් වීමට ලැබුණා නම් එළැඹෙන ජුනි 10 වැනිදාට ඔහුට සිය දිවි ගමනේ ශතකය සැමරීමේ අවස්ථාව හිමිවීමට ඉඩ තිබුණි.

හෘදයාබාදයක් හේතුවෙන් ගිලන්ව සිටි පිලිප් කුමරු ඉකුත් පෙබරවාරි මාසයේදී රෝහල්ගත කෙරුණු අතර සැත්කමකටද බඳුන් කෙරුණා.

එඩින්බරෝහි ආදිපාදවරයා සාමකාමීව ඉකුත් සිකුරාදා(09) පෙරවරුවේදී වින්ඩ්සර් මාලිගයේදී අවසන් හුස්ම හෙලූ බවයි මහරැජින ප්‍රකාශයට පත් කර ඇති බවයි බවත් එම ප්‍රකාශය රාජකීය වෙබ් අඩවියේද පළව තිබේ.

වසර 65ක් තිස්සේ සිය විවාහක සහකාරිය වන මහ රැජිනගේ පසෙකින් සිට සිය කාර්ය සැපිරූ එඩින්බරෝහි ආදිපාදවරයා දීර්ඝතවම කාලයක් රාජකීය වල්ලභයකු ලෙස සේවය කළ තැනැත්තා ලෙස බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයට එක්ව සිටිනවා.

තවත් පුවත් කියවන්න : පිළිකාකාරක ආහාර ලැයිස්තුව වහා රටට හෙළි කළ යුතුයි

ග්‍රීක හා ඩෙන්මාර්ක රජ පවුලකින් පැවත එන පිලිප් කුමරු ග්‍රීසියේ ඉපිද ප්‍රංශය, ජර්මනියෙන් සහ බ්‍රිතාන්‍යයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබ වයස අවුරුදු 19දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සේවයට බැදුණි.

එවකට 13 වියැති වියේ පසුවූ එළිසබෙත් කුමරිය හා පෙමින් බැඳුණු ඔහුට ඇය හා විවාහ වීමට එළසබත් කුමරියගේ පියා වන හය වැනි ජෝර්ජ් රජුගෙන් අවසර ලැබුණු අතර පිලිප් කුමරු හා එළිසබෙත් කුමරිය අතර විවාහය 1974 වර්ෂයේදී සිදු විය.

එතැන් සිට මියයනතුරාම ඇය සමග විවාහ දිවිය ගත කළ පිලිප් කුමරු දෙවැනි එලිසබෙත් රැජිනට වඩාත් මහජනතාවට වෙතට සමීප වීමට නොයෙක් ආකාරයෙන් අවස්ථාව සලසා දුන්නේය.

එසේම නිල රාජකාරියෙන් 2017 වසරේ ඉවත් වන තෙක්ම විවිධ අංශයන්හි සමාජ සංවිධාන රැසක කටයුතු කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *