යාපනය දිස්ත්‍රික්කයේ සිනමා ශාලා තාවකාලිකව වසා දැමේ

0 4

යාපනය දිස්ත්‍රික්කයේ පවතින සිනමා ශාලා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. කේදීශ්වරන් මහතා පවසනවා.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසූවේ උත්සව සමයේ සිනමා ශාලා වෙත විශාල පිරිසක් පැමිණෙන බැවින් පවතින සෞඛ්‍ය අවධානම මත යාපනය දිස්ත්‍රික්කයේ පවතින සිනමා ශාලා පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.

යාපනය දිස්ත්‍රික්කය තුළින්ට කොවිඩ් වෛරස් ආසාදිතයින් පසුගිය සමයේ වැඩි පිරිසක් වාර්තාවීමේ තත්ත්වය පාදක කරගනිමින් අදාළ තීරණය ගත් බවයි උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තවත් පුවත් : මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා අභාවප්‍රාප්ත වෙයි

උත්සව සමයේ දකුණු ඉන්දීයා සිනමාවේ නව සිනමාපට ප්‍රදර්ශනයට සිනමාශාලා අයිතිකරුවන් කටයුතු කරන බැවින් ප්‍රදේශයේ වැඩි පිරිසක් අදාළ සිනමා දර්ශන නැරඹීමට යොමුවීම සාමාන්‍ය සිදුවීමක්.

You might also like
Comments
Loading...