අනාරක්ෂිතව අධිවේගයේ වැඩ පෙන්වූ පිරිස ගැන පොලිස් පරීක්ෂණයක්

0 4

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ(10) දිනයේදී සිදු වූ සිදුවීමක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.

කඩවත සිට මාතර දෙසට දිවයන අධිවේගී මාර්ගයේ නිල් පැහැති කාර් රථයකින් ඉතාමත් අනාරක්ෂික ආකාරයෙන් තරුණයන් පිරිසක් ගමන් කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

අනෙක් රථවාහන සම්බන්ධයෙන් කිසිදු තැකීමක් හෝ නොකරමින් කිසිදු දිනක අධිවේගී මාර්ගයක ගමන් කොළ පිරිසක් මෙන් ඔවුන් ගමන් කරන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.

අදාළ මෝටර් රථය පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයකින් ගමන් කර ඇති බවත් එහි ගමන් කරමින් සිටි තරුණයන් පස් දෙනෙකු පමණ වරින්වර කාර් රථයේ දොරෙහි කවුළුවෙන් එළියට හිස සහ සිරුර දමමින් ඉතාමත් අපරීක්ෂාකාරීව හැසිරෙනු දක්නට ලැබෙනවා.

එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අදාළ මෝටර් රථය මහනුවර නගරය ආසන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවට අනාවරණ වී ඇති බවයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

 

 

තවත් පුවත් කියවන්න

You might also like
Comments
Loading...