කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 598 දක්වා ඉහළට

0 0

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 95,131ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඉන් මේ වන විට ආසාදිතයන් 91,775 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 2,758 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 598ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට සැකය මත පුද්ගලයන් 247 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

එසේම මේ වන විට මෙරට පුද්ගලයන් 925,242ක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 595ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදිතයන් ගණන 93993ක් දක්වා ඉහළට

You might also like
Comments
Loading...