අධිවේගයේ වැඩ දැමූ තරුණයන් අත්අඩංගුවට

0 2

පසුගිය 10 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කළ තරුණයන් 04 දෙනාත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අකුරණ පදිංචි වයස අවුරුදු 18 ත් 20 ත් අතර පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන්ට අයුතු ජනරාශිය ඇතුලු චෝදනා එල්ලවී ඇති අතර අද(13) දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙර පුවත කියවන්න : අනාරක්ෂිතව අධිවේගයේ වැඩ පෙන්වූ පිරිස ගැන පොලිස් පරීක්ෂණයක්

මෝටර් රථයේ රියදුරු ඊයේ(12) දිනයේදී අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

 

 

You might also like
Comments
Loading...