අලුත් අවුරුදු උදාවෙයි – ආහාර පිසීමේ නැකත උදෑසන 6.‍17ට

0 3

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද(14) අලුයම 2.33ට උදා වූවා.

අවුරුදු නැකත් පත්‍රයට අනුව ආහාර පිසීමේ නැකත අද(14) උදෑසන 6.17ට යෙදී තිබුණා.

කොළ පැහැති(පළාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා එළකිරී මිශ්‍ර කිරි බතක්ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කර ගැනීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

මේ අතර වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත පෙරවරු 7.41ට යෙදී තිබෙනවා.

ඒ අනුව නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බවයි.

 

 

 

අධිවේගයේ වැඩ දැමූ තරුණයන් අත්අඩංගුවට

You might also like
Comments
Loading...